නුතන දස පනත මහජන අදහස් විමසිම හතරවන දිනය (විද්වත් වෘත්තිකයන්)

June 27, 2019 0
නුතන දස පනත මහජන අදහස් විමසිම හතරවන දිනය (විද්වත් වෘත්තිකයන්), 2019 ජූනි 25 (අඟහරුවාදා) පෙරවරු 09:30ට  පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.














සාක්ෂි ලබා දීම් වලට අද අදාල සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා ඇත.

20 වැනි සංශෝධනය ගෙන එන්නේ බෙදුම්වාදයට අවශ්‍ය ජනතා පරමාධිපත්‍යය පළාත්සභාවලට දෙන්නටයි.

June 25, 2019 0


ප්‍ර. ඔබ වහන්සේලා අඵතින් සංවිධානයක් හදලා තියෙනවා එම සංවිධානයේ අරමුණු මොනවා ද?
පි. ජාතික හා සාසනික වශයෙන් වැදගත් වන තත්කාලීන ව උද්ගත වන කරුණු සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ව අධ්‍යයනය කරලා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතු`ඵ මහාසංඝ රත්නයටත් පොදු මහ ජනතාවටත් ආණ්ඩුවටත් කරුණු ඉදිරිපත් කිරීම මෙම අ`ඵත් සංවිධානයේ එනම් ජාතික විද්වද් භික්ෂු සංසදයේ අරමුණ යි.

ප්‍ර. භික්ෂූන් වහන්සේලා විසින් විවිධ සංවිධාන හදලා තියෙනවා. ඇයි තවත් සංවිධානයක්?
පි. කලින් කලට විවිධ අරමුණු යටතේ භික්ෂූන් වහන්සේලා පමණක් නොවෙයි ගිහි අයත් සංවිධානගත වෙනවා. එය ඔවුන්ගේ අයිතියක්. මෙතැන දී විශේෂත්වය වන්නේ මේ සංවිධානය ජාතික හා සාසනික කරුණු සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරලා ඉදිරිපත් කිරීම යි. එනිසා මෙය තවත් සංවිධානයක් වශයෙන් නොවෙයි ක්‍රියාත්මක වන්නේ.

ප්‍ර. ඔබ වහන්සේ කියන්නේ දැනට පවතින සංවිධානවලින් නිසි පරිදි කරුණු අධ්‍යයනය කරන්නේ නෑ කියා ද?
පි. මා ඒ ආකාරයට ම කියන්නේ නෑ. ඒත් සමහර කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි අධ්‍යයනයක් කෙරෙන්නේ නැති බව යි පෙනෙන්නේ. හොඳ ම උදාහරණය තමයි භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත. එම පනත් කෙටුම්පත හෝ එය සම්මත කිරීමෙන් පැනනැගෙන බරපතල සාසනික අර්බුදය පිළිබඳ ව අදාළ ආයතන මගින් නිසි පරිදි අධ්‍යයනයක් කෙරුණේ නෑ. නමුත් අවසාන මොහොතේ ඒ පිළිබඳ ව කරුණු දැනුවත් වීමෙන් සාසනික වශයෙන් සිදුවන්නට ගිය මහත් අනර්ථකාරී අවස්ථාවක් වැලකුණා.

ප්‍ර. අදාළ ආයතන කිව්වේ?
පි. භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ කතිකාවත් පනත ඉදිරිපත් කළේ බුද්ධසාසන අමාත්‍යාංශය මගිනු යි. එවකට බුද්ධසාසන අමාත්‍ය ව සිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යි. බෞද්ධ උපදේශක සභාව 2011 වර්ෂයේ සිට ම සාකච්ඡා කරලා සකස් කරපු පනත් කෙටුම්පත 2015 වර්ෂයේ දී පාර්ලිමේන්තුවට ගියා ම ඊට එරෙහි ව ශ්‍රේෂාඨාධිකරණයට පෙත්සම් ගොනු කෙරුණා. එම පෙත්සම් සලකා බැලූ අධිකරණය එම පනත් කෙටුම්පතේ ඇති වගන්ති අටක් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කළා. බෞද්ධ උපදේශක සභාව ඒ පිළිබඳ ව නිසි පරිදි කරුණු අධ්‍යයනය කර තිබුණා නම් එබඳු තත්ත්වයක් ඇති වන්නේ නෑ. ජාතික හා සාසනික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අගතිගාමී නොවිය යුතු යි. අගතිගාමී වූවා ම යථා තත්ත්වය නොපෙනී යනවා.

ප්‍ර. ඔබ වහන්සේ කියන්නේ බෞද්ධ උපදේශක සභාව අගතිගාමී වූවා කියා ද?
පි. කෙටියෙන් පිළිතුරු දෙනවා නම් ඔව් කියා කිය යුතු යි. බෞද්ධ උපදේශක සභාවට අපි ගරු කරනවා. එහි වැදගත්, උගත් සාමාජිකයනුත් සිටිනවා. නමුත් භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ දී ඡන්දය, ද්වේෂය, භය සහ මෝහය කියන සතර අගතිය ම ක්‍රියාත්මක වුණා. තමන්ගේ කැමැත්ත අනුව හෝ තවකකුගෙන් පළිගැනීමේ අදහසින් හෝ ශබ්දනගා අනෙක් අදහස් මැඩ පවත්වමින් කථා කිරීමෙන් හෝ කරුණු වරදවාගැනීමෙන් හෝ යථාර්ථය මුවහ වෙනවා. ධර්මයට-විනයට හා සම්ප්‍රදායට නොගැලපෙන කරුණක් සම්බන්ධයෙන් වැඩි දෙනෙක් ඒ පාර්ශ්වය ගෙන සිටියත් එය ධර්ම-විනයානුකූල යැයි සැලකෙන්නේ නෑ. එලෙස හැම විට ම ඔ`ඵ ගෙඩි ගණන අනුව සත්‍යය, යථාර්ථය තීරණය කිරීමේ ක්‍රමයක්, එබඳු ප්‍රජාතන්ත්‍රවාදයක් සාසනයේ නෑ.

ප්‍ර. බෞද්ධ උපදේශක සභාව බෞද්ධ විරෝධී, සාසනවිරෝධී ක්‍රියාවක නිරත වුණා ද?
පි. මා එසේ කියන්නේ නෑ. දැනුවත් ව එසේ විය නොහැකි යි. කරුණු හරිහැටි අධ්‍යයනය නොකිරීම නිසා ඇති වූ තත්ත්වයක් වශයෙනු යි මා දකින්නේ. පසු ව කරුණු හරිහැටි ඉදිරිපත් වුණා ම එම පනත සම්බන්ධයෙන් වඩාත් නිවැරැදි තීන්දුවකට පැමිණියා. ඒ, එක් එක් නිකාය හා පාර්ශ්වවලට වෙන වෙන ම කතිකාවත් වෙනුවට සමස්ත භික්ෂු සමාජයට ම එක් කතිකාවතක් තිබිය යුතු යි කියන තීරණය යි. ඉදිරිපත් වූ ශාස්ත්‍රීය කරුණු සැලකිල්ලට ගැනීමට තරම් බෞද්ධ උපදේශක සභාව දූරදර්ශී වී ම පිළිබඳ වත් මෙහි දී සඳහන් කළ යුතු යි. කරුණු හරිහැටි අධ්‍යයනය කොට ඉදිරිපත් කිරීම පිළිබඳ ව එබඳු හිදැසක් සමාජය තුළ පවතිනවා. ඒ අඩුව පුරවන්නට යි අ`ඵත් සංවිධානය බිහිවුණේ.

ප්‍ර. එතකොට ඔබ වහන්සේලා ජාතික වශයෙන් වැදගත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතා කරනවා ද?
පි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මේ රටේ දී නම් ජාතික වශයෙන් වැදගත් වන කරුණක් පමණක් නොවෙයි, සාසනික වශයෙනුත් වැදගත් වන කරුණක්. එය බුදුසසුනින් වියුක්ත ව කතා කළ හැකි දෙයක් නොවෙයි. මේ රටේ ඉතිහාසය පුරා ම බුදුසසුනට මුල් තැන දී කටයුතු කෙරුණා. ආක්‍රමණික ඉංග්‍රීසීන් පවා ඒ කරුණ පිළිගත්තා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පමණක් බුදුසසුනට අදාළ කරන්නට උත්සාහ කරනවා. අප කියන්නේ 9 වැනි වගන්තිය එසේ ම තිබිය දී පවා සසුනට එරෙහි ව කටයුතු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාවන් ඇතුළත් කරගත හැකි යි. ඒ පමණක් නොව ව්‍යවස්ථාවේ බොහෝ කරුණු සාසනික වශයෙුත් වැදගත් වන ඒවා යි.

ප්‍ර. ඔබ වහන්සේලාට අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රවල යම් ප්‍රවීණතාවක් තිබිය හැකි යි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, ව්‍යවස්ථා සංශෝධනය වාගේ කරුණු සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට දැනුමක්, අත්දැකීමක් තිබෙනවා ද?
පි. මෙතැන දී භික්ෂූන් වහන්සේගේ ඓතිහාසික භූමිකාව තේරුම්ගත යුතු යි. බහුශ්‍රැත, ධර්මධර, විනයධර කියන විශේෂණවලින් හඳුන්වනු ලැබූ භික්ෂූන් වහන්සේ මේ රටේ සියලු ම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණයන් වුණා. අධ්‍යාපන, සාහිත්‍ය, වෛද්‍ය, කලාශිල්ප, වාස්තුවිද්‍යා ආදි පොදු මහජනතාවගේ සකලවිධ අවශ්‍යතාවන් සැපයුණේ විහාරස්ථානයෙන්. පැරණි රෝහල් ඇතු`ඵ සියලු ම ක්ෂේත්‍රවල පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ විහාරස්ථානවලින්. ඒ පමණක් නොවෙයි, රටේ ව්‍යවස්ථාදායකය වූයේත් භික්ෂූන් වහන්සේ ම යි. රජුට ගැට`ඵවක් ඇති වූ අවස්ථාවල දී උපදෙස් ලබාගත්තේත් භික්ෂූන් වහන්සේගෙන්.

අනෙක් අතට ඇතම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කතා කරන්නට කරුණු ඉදිරිපත් කරන්නට විශාරද දැනුමක් අවශ්‍ය නෑ. දැන් බලන්ට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. එම සංශෝධනයේ ප්‍රකාශිත අරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යි. ජනතා විමුක්ති පෙරමුණට ඇති බරපතල ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නම් එය මෙයට කලින් කරගන්නට තිබුණා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සක්‍රිය ව පවතින අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රටේ පාලනය තන්ත්‍රය ෆෙඩරල් තත්ත්වයකටත් එහා ගිය තැනකට පත් වෙනවා. එය බෙදුම්වාදයේ අවශ්‍යතාවක්. වෙන ම රටක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට නම් ජනතා පරමාධිපත්‍යයත් පළාත් සභාවලට බෙදී ගොස් තිබිය යුතු යි.

විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමෙන් පසු බෙදුම්වාදයට අවශ්‍ය පොලිස් බලතල, ඉඩම් බලතල, අරමුදල් බලතල වාගේ කාරණා පහසුවෙන් ම ඉටුකරගත හැකි යි. කෙටියෙන් කියතොත් බෙදී වෙන්වීම සඳහා බෙදුම්වාදීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බාධක සියල්ල ම විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම මගින් ඉවත් කරගත හැකි යි. සමහර විට ඊටත් වඩා බරපතල වගන්ති කාරකසභා අවස්ථාවේ දී සංශෝධනවලට ඇතුළත් කරගැනීමේ අවදානමකුත් තියෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී අතිශය භයානක වගන්ති ඇතුළත් කරගන්නා ලද්දේ කාරකසභා අවස්ථාවේ දී බව හැන්සාඞ් වාර්තාවලින් පෙනී යනවා.

ප්‍ර. පාර්ලිමේන්තුව තුළ සිටින දේශප්‍රේමී මන්ත්‍රීවරුන් එබඳු සංශෝධනයකට ඉඩ දෙයි ද?
පි. දේශප්‍රේමී මන්ත්‍රීවරුන් කවුරු ද එබඳු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා ද කියන එක ගැට`ඵවක්. දැන් බලන්ට චම්පික රණවක, විජයදාස රාජපක්ෂ වාගේ මන්ත්‍රීවරුන් දේශප්‍රෙමීන් හැටියට පෙනී සිටින්නට උත්සාහ කරනවා. ඒ තවදුරටත් ජනතාව මුළා කිරීම සඳහා යි. මේ දෙදෙනා ම එක ම පිලක සිටිම්න කටයුතු කරන ආකාරය රහසක් නොවෙයි. මේ පවත්නා ව්‍යසනකාරී තත්ත්වයට මේ දෙදෙනාත් වගකියන්ට අවශ්‍ය යි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරකසභා අවස්ථාවේ දී බරපතල හානිදායක වගන්ති ඊට ඇතුළත් කිරීමට කූඨ ආකාරයෙන් කටයුතු කළේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා යි. මේ රට තුළ සිංහලයන්ට ඇති අයිතිය පිළි නොගන්නා අයකුගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්ට පු`ඵවන් ද? අප කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් සියලු දෙනා ම මේ වන විට 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් “කෂාය බීපු ගො`ඵවන් සේ” කටයුතු කරන බව යි. අවාසනාව නම් ඒකාබද්ධ විපක්ෂය ද ඇතු`ඵ ව කිසි ම මන්ත්‍රී වරයකු මේ වන තෙක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සක්‍රිය ව විරෝධතා දක්වා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් යුක්තියක් ඉෂ්ට කරවාගැනීමේ හැකියාව සැක සහිත යි.

ප්‍ර. ඔබ වහන්සේලා අ`ඵත් සංවිධානයක් හැදුවේ මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගකීම ඉටු නොවන නිසා ද?
පි. අපට එබඳු ආකල්පයක් නෑ. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට විවිධ කටයුතු සහ වගකීම් තියෙනවා. උදාහරණයක් වශයෙන් මල්වතු-අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ඓතිහාසික ව පැවරී තිබෙන බරපතල වගකීමක් තම යි දළදාමාළිගාව සම්බන්ධ කටයුතු. ඊට අතිරේක ව රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබෙන ඓතිහාසික වෙහෙර විහාරස්ථාන සම්බන්ධ කටයුතු හා එම විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කටයුතු. සහ ජනතාවගේ කටයුතු. උන්වහන්සේලාගේ උපදෙස් හා නිර්දේශ පතාගෙන දිනපතා ම විශාල සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලා සහ ජනතාව මහාවිහාර වෙත පැමිණෙනවා. ඒ සියලු කටයුතු අතර දෛනික ව රටේ උද්ගත වන තත්ත්වයන් සියල්ල අධ්‍යයනය කරන්නට උන්වහන්සේලාට කාලයත් නැහැ. ඒ වාගේ ම රජයේ සමහර නිලධාරීන් නිවැරැදි තොරතුරු ලබාදෙන්නේත් නෑ. එබඳු පසුබිමක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට දොස් නැගීමත් සාධාරණ නෑ. ඒ නිසා අපගේ මේ උත්සාහය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් තීරණ ගැනීමේ දී උදව්වක් වේවි.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, කැඳවුම්කරු-ජාතික විද්වද් භික්ෂු සංසදය
සාකච්ඡා කළේ එරික් ගාමිණී ජිනප්‍රිය

(ජාතික විද්වද් භික්ෂු සංසදය නමින් භික්ෂූන් වහන්සේලාගේ නව ජාතික සංවිධානයක් බිහි වී ඇති අතර එම සංවිධානය හඳුන්වා දීමේ කතිකාව සමන්නේසනා නමින් කොළඹ 07, ජාතික පුස්තකාලය සහ ප්‍රලේඛන සේවා ආයතනයීය පුස්තකාලයේ දී 2018.09.13 වැනි දින පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය මහාචාර්ය, කථිකාචාර්ය ස්වාමීන් වහන්සේලා ඇතු`ඵ විවිධ අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගෙන් මෙම සංසදය සමන්විත වෙයි. එම සංසදයේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කරන ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් සමග පවත්වන ලද සාකච්ඡාවකි )

මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්ඡාව 2019 ජූනි 25 (අඟහරුවාදා) පෙරවරු 09:30ට

June 23, 2019 0


මහජන අදහස් විමසීමේ කොමිසම සහ මාධ්‍ය සාකච්චාව 2019 ජූනි 25 (අගහරුවාදා පෙරවරු 09:30ට පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී

න්‍යාය පත‍්‍රය

මූලාසනය:- මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අදහස් විමසීම මෙහෙයවීම:- ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සරහිමි (කොමිසමේලේකම්)
පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීමු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (කොමිසමේසමසභාපති - විනාඩි 05)

අදහස් දැක්වීම්
1. හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායකමහතා (විනාඩි 10)
2. ජනරාල් ජගත් අල්විස්මහතා (විනාඩි 10)
3. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා (විනාඩි 10)
4. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා (විනාඩි20)
5. මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා (විනාඩි10)
6. සුනිල් ගමගේ මහතා (සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති - විනාඩි10)
7.  වෙනත් අදහස් දැක්වීම් (විනාඩි 15)
8. ලිඛිත අදහස් / යෝජනා බාරදීම
9. මූලාසනයේ ඇගයීම (විනාඩි 10)
10. අවසානය

නව දස පනතට සාක්ෂි දිම තුන්වන දිනය - කලාකරුවන්ගේ සහභාගිත්වයෙන්

June 23, 2019 0
නුතන දස පනත මහජන අදහස් විමසිම තුන්වන දිනය (කලාකරුවන්), 2019 ජූනි 18 (අඟහරුවා) පෙරවරු 09:30ට  පැපිලියාන සුනේත්‍රා මහාදේවී පරිවෙන් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.



















කලාකරුවන්ගේ සම්පූර්ණ අදහස් දැක්වීම් සඳහා පහත වීඩියෝව බලන්න.


නව දස පනතට සාක්ෂි දිම දෙවන දිනය - 2019.06.11 දින පෙව 9.30 පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී

June 10, 2019 0

නව දස පනතට සාක්ෂි දිම දෙවන දිනය ජාතික සංවිධාන නියෝජිතයින් සමගින් 2019.06.11 දින පෙව 9.30 පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී. මෙහි මූලාසනය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ  විසින් දරනු ලබන අතර අදහස් විමසීම මෙහෙයවීම මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් හිමියන් විසින් කරනු ලබයි.



න්‍යාය පත‍්‍රය

මූලාසනය:- මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ 
අදහස් විමසීම මෙහෙයවීම:- මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි (කොමිසමේ සම සභාපති)
පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ු මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි (කොමිසමේ කැඳවුම්කරු - විනාඩි 05)


අදහස් දැක්වීම්

1. නීතිවිද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්.ඞී. රොඞ්රිගෝ මහතා (විනාඩි 10)
2. ආචාර්ය ජගත් චන්ද්‍රවංස මහතා (ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක සභික - විනාඩි 10)
3. සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා (ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු - විනාඩි 10)
4. රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා (ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු - විනාඩි 10)
5. ප‍්‍රවීණ මාධ්‍යවේදී, සමාජ ක‍්‍රියාකාරික මොහාන් සමරනායක මහතා (විනාඩි 10)
6. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා (ජාතික ඒකාබද්ධතා කමිටුව - විනාඩි 10)
7. ගෙවිඳු කුමාරණතුංග මයා (යුතුකම සංවාද කවය - විනාඩි 10)
8. අනුරාධා යහම්පත් මිය (බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු - විනාඩි 5)
9. මතුගම සෙනෙවිරුවන් මහතා සහ චමිල ලියනගේ මහතා (සිංහල සංගේදම - විනාඩි 5)
10. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා (දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු - විනාඩි 5)
11. වෙනත් අදහස් දැක්වීම් (විනාඩි 15)
12. ලිඛිත අදහස්/යෝජනා බාරදීම
13. මූලාසනයේ ඇගයීම (විනාඩි 10)
14. අවසානය

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් එළිදැක්වීම්ට නියමිත නූතන දස පනත සඳහා මහජන කොමිසම ජුනි 04 දින සාක්ෂිදීම

June 10, 2019 0

ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් එළිදැක්වීම්ට නියමිත නූතන දස පනත සඳහා මහජන කොමිසම ජුනි 04 දින සාක්ෂිදීම ඇරඹුනා.

මෙම කොමිසමේ මුලසුන ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් හෙළි දැක්වීමට නියමිත නූතන දසපනත සඳහා මහජන කොමිසම අද සාක්ෂිදීම ඇරඹුනා. මෙම කොමිසමේ මුලසුන හම්බ වනු ලැබුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසිනි. කොමිසමේ සාමාජික ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ලෙසය.

නූතන දසපනත මහජන කොමිසමේ පළමු දින සාක්ෂි ලබාදීම සඳහා මව්බිම ලංකා පදනම සභාපති ආරියසීල වික්‍රමනායක මහතා DSI සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ මහතා, නේචර් සික්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා, රයිගම් ආයතනය සභාපති රවී ලියනගේ මහතා, දේශිය සහල් පිටි කර්මාන්තයේ ආයතනයේ සභාපති අරුණකාන්ත බණ්ඩාර මහතා යන අය අද දින සාක්ෂි ලබා දෙන ලදී.















Smart eDesigners ආයතනය විසින් සකස් කරන ලද නව දස පනත වෙබ් අඩවිය (http://www.nawadasapanatha.org) සමාජගත කිරීම ජාතික සංවිධාන නියෝජිතයන් සමගින් 2016/06/11 දින පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේදී මහාචාර්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.




රටත් ජාතියත් ආපදාපන්න අවස්ථාවන්ගෙන් නිදහස් කරගැනීම

June 03, 2019 0
රටත් ජාතියත් ආපදාපන්න අවස්ථාවන්ගෙන් නිදහස් කරගැනීම පිළිබඳ සමීපතම ආදර්ශය වනුයේ 1956 දී මහාසංඝ රත්නය විසින් කරන ලද මැදිහත් වීම යි. විවිධ දේශීය හා විදේශීය බලවේගයන් විසින් අඩපණ කරනු ලැබ තිබූ ජාතිකත්වය පිළිබඳ ආකල්පය ඉහළට ඔසවා ජාතික නායකයකු බිහිකරගන්නට තරම් එදා සංඝපිතෲන් වහන්සේලා  දූරදර්ශී වූහ. එතෙක් භික්ෂූන් වහන්සේ ජාතියට නායකත්වය දෙමින් ආ ගමන් මගේ 1956 දී කරන ලද විප්ලවය එතැන් සිට නැවත සිදු කළ යුතු ව පවතින බව ජාතික විද්වද් භික්ෂු සංසදය අවබෝධ කොටගෙන සිටී.

මහජන අදහස් විමසීමේ කොමිසම

June 03, 2019 0

මහජන අදහස් විමසීමේ කොමිසම

ජාතික විද්වද් භික්ෂු සංසදය 2019 මැයි 27 දින සිට 2019.07.02 දින දක්වා පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේ දී ජාතිය මුහුණ පාමින් සිටින බැ?රුම් වාතාවරණය සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ "සමන්නේසනා" නමින් තොරතුරු ඒකරාශි කිරීම, අධ්‍යයනය කිරීම, විවිධ පාර්ශ්ව සමග සාකච්ඡු කිරීම හා  සම්මන්ත‍්‍රණ පැවැත්වීම මගින් ලබන ලද අත්දැකීම් පදනම් කරගෙන "පනස් හයේ විප්ලවය" පන්නයේ මහාසංඝ රත්නයේ මැදිහත් වීමක් ජාතියට අවශ්‍ය බව විද්වද් භික්ෂු සංසදය අවබෝධ කොටගෙන ඇත.

ඒ අනුව වසර කිහිපයක් මුඵල්ලේ කරන ලද අධ්‍යයනවල ප‍්‍රතිඵලයක් වශයෙන් "නූතන දස පනතක්" සඳහා අවශ්‍ය සංකල්පීය රාමුවක් සකස් කොට 2019.05.27 වැනි දින සිට ජන මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයට පත් කොට ඇත. එකී සංකල්පීය රාමුව තුළ පිහිටා රටේ සමස්ත මහ ජනතාවගේ ම අදහස් ලබාගැනීම සඳහාත් සංකල්පීය රාමුවට යම් සංශෝධන අවශ්‍ය නම් ඒ සිදු කිරීම සඳහාත් මහජන අදහස් විමසීම සඳහාත් ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් පඤ්චපුද්ගල කොමිෂන් සභාවක් පත් කර ඇත.

පත් කරන ලද කොමිෂන් සභාවේ සාමාජික ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.

1. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (කොමිසමේ සම සභාපති)
2. මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි (කොමිසමේ සම සභාපති)
3. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි (කොමිසමේ කැඳවුම්කරු)
4. මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි (කොමිසමේ සම සභාපති)
5. ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි (කොමිසමේ ලේකම්)


කොමිෂන් සභාවේ කාර්ය භාරය:

ප‍්‍රසිද්ධ කරන ලද දාර්ශනික පදනම සහ සංකල්පීය රාමුව තුළ පිහිටා පොදු මහජන අදහස් සැලකිල්ලට ගනිමින් ජාතික ප‍්‍රඥප්තියක් සකස් කිරීම. ඒ සඳහා මේ රටට ආදරය කරන සියලූ ජන නායකයන්, සියලූ ම ආගමික නායකයන් හා සාමාන්‍ය ජනතාවත් විවිධ විද්වතුන්, විවිධ වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් ඇතුඵ සමස්ත ප‍්‍රජාව එකී ජාතික ප‍්‍රඥප්තිය සකස් කිරීමේ කර්තව්‍යය සඳහා දායක කරගැනීම.


කොමිසමේ නිල රැුස්වීම් දින

1. පළමු ජනතා හමුව ජූනි 04 2. දෙවැනි ජනතා හමුව   ජූනි 11
3. තෙවැනි ජනතා හමුව   ජූනි 18 4. සිව්වැනි ජනතා හමුව   ජූනි 25
5. පස්වැනි ජනතා හමුව ජූලි 02

නූතන දස පනත හා උපාය මාර්ගික වැඩ පිළිවෙළ පිළිබඳ අවසාන කෙටුම්පත ජාතික විද්වද් භික්ෂු සංසදයට බාරදීම 2019.07.16 දිනට පෙර සිදු කළ යුතු ය.
මෙම පත් කිරීම හා මෙහෙයවීම පිළිබඳ බලාධිකාරිය වනුයේ ජාතික විද්වද් භික්ෂු සංසදයයි.

ජාතික විද්වද් භික්ෂු සංසදය වෙනුවෙන් පහත නම් සඳහන් මහාසංඝ රත්නය අත්සන් තබා ඇත.

1. පූජ්‍ය මහාචාර්ය අගුඵගහ ධම්මින්ද නායක ස්ථවිර
2. පූජ්‍ය මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත ස්ථවිර
3. පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
4. පූජ්‍ය මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි
5. පූජ්‍ය මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි
6. පූජ්‍ය මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි
7. පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
8. පූජ්‍ය මහාචාර්ය ලෙනගල සිරිනිවාස හිමි
9. පූජ්‍ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
10. පූජ්‍ය ආචාර්ය මල්වානේ චන්දරතන ස්ථවිර
11. පූජ්‍ය ආචාර්ය මාවතගම පේමානන්ද හිමි
12. පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි
13. පූජ්‍ය ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
14. පූජ්‍ය ආචාර්ය තෙරිපැහැ මේධංකර හිමි
15. පූජ්‍ය ශාස්ත‍්‍රපති දම්පහල රාහුල ස්ථවිර
16. පූජ්‍ය නීතිවේදී, ශාස්ත‍්‍රපති පිටවල උපාලි ස්ථවිර
17. පූජ්‍ය ශාස්ත‍්‍රපති අබේසේකරගම විජිත හිමි
18. පූජ්‍ය ශාස්ත‍්‍රපති බලගොඩ අමරජෝති හිමි
19. පූජ්‍ය ශාස්ත‍්‍රපති දොඩංගොඩ පියසිරි හිමි
20. පූජ්‍ය ශාස්ත‍්‍රපති බටගල්ලේ ඤාණිස්සර හිමි
21. පූජ්‍ය ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සි හිමි
22. පූජ්‍ය ශාස්ත‍්‍රපති උ`ඵවිටිකේ බෝධිසීහ හිමි
23. පූජ්‍ය ශාස්ත‍්‍රපති මාවනැල්ලේ පවර හිමි
24. පූජ්‍ය දර්ශනපති මීපිටියේ සීලරතන හිමි
25. පූජ්‍ය ශාස්ත‍්‍රපති නිග්ගහ ඤාණින්ද හිමි
26. පූජ්‍ය ශාස්ත‍්‍රපති රඹෑවේ පාලිත හිමි
27. පූජ්‍ය ශාස්ත‍්‍රපති මැටිබැඹියේ සෝණුත්තර හිමි
28. පූජ්‍ය ශාස්ත‍්‍රපති උඩුගම සුදස්සි හිමි
29. පූජ්‍ය ශාස්ත‍්‍රපති කෙහෙල්වල සුමංගල හිමි
30. පූජ්‍ය ශාස්ත‍්‍රපති වලපනේ ඤාණසේන හිමි
31. පූජ්‍ය වැලිතර අමරනන්ද නාහිමි
32. පූජ්‍ය ආචාර්ය කුඩාකත්නෝරුවේ විනීත හිමි
33. පූජ්‍ය ශාස්ත‍්‍රපති යුදගනාවේ නන්දරතන හිමි
34. පූජ්‍ය ශාස්ත‍්‍රපති වලතර සෝභිත අනුනායක ස්ථවිර
35. පූජ්‍ය ශාස්ත‍්‍රපති උඩලමත්තේ සුමන ස්ථවිර
36. පූජ්‍ය ශාස්ත‍්‍රපති ශ‍්‍රාවස්තිපුර ශාන්තසිරි ස්ථවිර
37. පූජ්‍ය ශාස්ත‍්‍රපති දෙහිපේ චන්දවිමල ස්ථවිර
38. පූජ්‍ය ශාස්ත‍්‍රපති බද්දේගම දේවරක්ඛිත නායක ස්ථවිර
39. පූජ්‍ය ශාස්ත‍්‍රපති හොරන්ගල්ලේ විජිත නායක ස්ථවිර
40. පූජ්‍ය ශාස්ත‍්‍රපති උඩුගම අස්සජී ස්ථවිර