වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා

September 29, 2018 0

රට ආරක්ෂා කිරිමට නායකයන් පත්කළ ජනතාවට අද නායකයන්ගෙන් රට ආරක්ෂා කිරිමට සිදුව ඇතැයි ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කොළඹදී පැවසූහ.

මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන නොකල යුතුයි කියා සංඝ ආඥාවක් නිකුත් කර තිබියදි මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට සම්මත කරගැනීමේ උත්සාහයක් පවතින බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ අවධාරණය කළහ.

ජාතික විද්වද් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.

‘‘2015 වසරේ ආරම්භ කරන ලද ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව පෙරමුනු කිහිපයකින් ඉදිරියට ඇවිත් තියෙනවා.

ජයම්පති වික‍්‍රමරත්න, ලාල් විජේනායක යන අය එතනදි අපේ රටේ බෙදුම්වාදයේ පියවරුන් ලෙස සළකන්න පුලූවන්. ජනතා අදහස් ලබාගන්නා මුවාවෙන් ඔවුන් පක්ෂපාති වාර්ථාවක් සකස් කළා.

මහනායකහිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් නව ව්‍යවස්තාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන නොකළ යුතුයි කියලා සංඝාඥාවක් නිකුත් කළා. ඒත් සමගමේ ව්‍යවස්තා ක‍්‍රියාදාමය යම් පරිද්දකින් අඩපණ වුණා.

දැන් මේක විධික‍්‍රම දෙකක් විදියට ඉදිරියට ගෙන යනවා. ජනතා විමුක්තිපෙරමුණ ඉදිරිපත් කරන ලද 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය ඉන් එකක්. මේ සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනිමත් සමග කැබින්ට් මන්ඩලය හරහා නැවත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔවුන්ට සිද්ද වෙනවා.

අනික් පැත්තෙන් මේ වනවිට සකස් කර අවසන් නව ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට එනවා. මේ දෙකම එකට හයිබි‍්‍රඞ් කරලා 20 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනයේම නව සංස්කරනයක් විදියට මෙය නැවත පාර්ලිමේන්තුවට එනවා.

ජනතා විමුක්ති පෙරමුණේ බොල් පිළිමය මත ඉදිවන්නේ බෙදුම්වාදයේ ගල් පිළිමය කියන එක අපි අමතක නොකල යුතුයි. මේ කුමන්ත‍්‍රණයේ මහ මොලකරුවා විදියට ජ.වි.පෙ මේ වේලාවේ බොහෝම ලස්සනට මේ රට ආමන්ත‍්‍රණය කරනවා. ඔවුන් මේ කුමන්ත‍්‍රණයේ ලංකිය ඒජන්තවරයා ලෙස කටයුතු කරනවා.

මේ රටේ ජනතාව මෝඩයෝ කරලා ජාත්‍යන්තරයෙන් වාසි ගන්න මේ අය උත්සාහ කරනවා. තමන්ට දේශපාළන බළය අත්පත් කරගන්න දරන මේ නින්දිත ක‍්‍රියාමාර්ගය සමස්ත මහා සංඝ රත්නය විදියට අපි හෙළා දකිනවා.



නිමල කොඩිතුවක්කු සහ ජී. එච් එස් කහටපිටිය
Lankadipa - 2018.09.27

ජවිපේ බොල් පිලිමය මත ඉදි කරන්නනේ බෙදුම්වාදයේ ගල් පිළිමයයි

September 27, 2018 0

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අතිගරු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් නිවේදනය කර සිටින්නේ දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් බෙදුම්වාදී බලපෑම් එල්ල කරමින් පවතින අවස්ථාවක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ තිබෙන ව්‍යවස්ථාවයට සංශෝධනයක් නොකල යුතු බවත් මෙවැනි භයානක අණතුරක් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සිද කල ප්‍රකාශයට අවධානය යොමුකොට මෙම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගන්නා ලෙස එම සංසදය කියා සිටියි.

ඒ, ජාතික විද්වත් භික්ෂූ සන්සදය විසින් කොළඹ දී පැවති මාධ්‍ය හමුවටක එක් වෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව පවසන ලදි.

මේ සම්බන්ධයෙන් ජාතික විද්වත් ශික්ෂූ සංසදයේ කැදවුම්කරු පූජ්‍ය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතද යොමුකර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධපනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ 2015 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලි ක්‍රමානුකූලව පෙරමුනු කිහිපයකින් මේ වන විට ඉදිරියට පැමිණ ඇති බවත් මේ රටේ බෙදුම්වාදයේ පියවරුන් වශයෙන් සළකන ජයම්පති වික්‍රමරත්න හා ලාල් විජේනායක යන අයවළුන් ඉතාම කූට ආකාරයෙන් ජනතා අදහස් විමසීමක් වශයෙන් තමන්ට හිතවත් හා කලින් තීන්දු කරගත් උදවිය සමග එක් වී මේ වන විට ඉතාමත් පක්ෂපාතී වාර්තාවක් සකසා ඇති බවයි.

එමෙන් ම රටේ විපක්ෂය වශයෙන් කටයුතු කල පිරිස් හා ආණ්ඩු මෙම කූට ක්‍රියාවලියට එක් වී පොදු විපක්ෂයේ අයවලුන්ගේ උපකාර ඇතිව මෙම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන බව පවසන උන් වහන්සේ කියා සිටියේ පසුගිය කාලයේ මල්වතු අස්ගිරි මහානාහිම්වරුන් ප්‍රමුඛ සියළුම මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ තිබෙන ව්‍යවස්ථාවට සංශෝදන ඉදරිපත් කිරීම මුළුමනින්ම නොකල යුතුයි යනුවෙන් සංඝ ආඥාවක් නිකුත් කල බවයි.

එම අඥාව මගින් මෙම ක්‍රියාවලිය යම් තාක් දුරට අඩපණ වූ බවත් මේ වන විට විවිධ විධික්‍රම හරහා එම ක්‍රියාවලි ඉදිරියට රැගෙන එන බව උන් වහන්සේ පෙන්වා දෙන ලදි.

මේ වන විට ජනතා විමුත්කි පෙරමුණේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරපත් කර ඇති 20 වන සංශෝදනය ඉන් එකක් ලෙස බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනක දේශ හිතයිශී කණ්ඩායමක් විසින් අධිකරණය හමුව් මේ සම්බන්ධයෙන් වාර්තා කල බවත් ඒ අනුව ඉදිරි කාලයෙ දී මෙම සංශෝධනයන් පාර්ලිමේන්තුවට නොයවා කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න කටයුතු කරමින් සිටින බව පවසයි.

එමෙන් ම එම ක්‍රියාදාමය එසේ සිදුවන විට පසුගිය දිනක සංවිධානාත්මකව සකස් කරන ලද එසේ සකස් කල බවත් ලොවට නොකියන නව ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලය හමුවට එන බවත් මෙම දෙකම සංකළනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් රැගෙන එන 20 වන සංශෝදනයේ ම නව සංස්කරණයක් වශයෙන් මෙය නැවත පාර්ලිමේන්තුවට එන උන් වහන්සේ මෙහි දී පසක් කරන ලදි.

එමනිසා ජනතා විමුක්ති පරමුණේ බොල් පිළිමය මත ඉදිකරනු ලබන්නේ බෙදුම් වාදයේ ගල් පිළිමයයි යන්න අප අමතක නොකල යුතුය යන්න උන් වහන්සේ අවදාරණය කරන ලදි.